Sunday, May 5, 2024

General line - 0115112241

හෙට සිට මුව ආවරණ අනිවාර්ය නොවෙයි




මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා..

කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර් යය නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන සඳහන් කර සිටින්නේ.

ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර කොරෝනා වෛරසය වැළදුනු බවට හදුනා ගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ ද හෙට සිට අනිවාර්්‍යය නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.