Sunday, May 5, 2024

General line - 0115112241

ලබන 13 සහ 14 සේවා ඔන්ලයින් ක්‍රමයට පමණක් බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව කියයි




මේ මස ඉදිරි දින 09 ක් පමණක් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බව සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් සංජීව දිසානායක පවසනවා. 

ඒ අනුව ලබන 15 සිට 17 දක්වා, 20 සිට 22 දක්වා සහ 27 සිට 29 දක්වා යන දිනවල පමණක් එම දෙපාර්තමේන්තුව විවෘතව තැබෙනවා. 

වසා තබන දිනවලදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.