Sunday, May 5, 2024

General line - 0115112241

සිය කාලය තුළ ආර්ථිකය කඩා නොවැටුණු බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්




තමන් මුදල් අමාත්‍ය ධූරය දරණ සමයේ ආර්ථිකය කඩා වැටුණු බවට ඇතැමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව බැසිල් රාජපක්ෂ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මෙම අදහස් පළ කළා.

මේ වන විට පාර්ලිමේන්තුවට තමාගේ සහය අවශ්‍ය නොවන බැවින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි බැසිල් රාජපක්ෂ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ.

සිය පාර්ශවයට බලය ලබාදුන් ජනතාව ඊට වගකිව යුතු බවයි තවත් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ.

සිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කරන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.