Thursday, May 9, 2024

General line - 0115112241

රට තුල පවතින දේශීය ආහාර ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගත යුතුයි - විද්වතුන් කියයි




ඩොලර් අර්බුදය හමුවේ නිර්මාණය වුණු ආහාර හිඟයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවුවත් ආහාර ලෙස ගත හැකි බොහෝ දේ රට තුළම පවතින බව දේශිය ඥානය සහ සම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සමන් වීරක්කොඩි පවසනවා. 

මේ මොහොතේ වැදගත් වන්නේ එවැනි ආහාර බෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම බවයි නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 

ජෛව විවිධත්වයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක ස්වභාවිකව ලබාගත හැකි ගුණාත්මක ආහාර බොහෝමයක් පවතින බව කොළඹ ජාතික රෝහලේ පෝෂණවේදය පිළිබඳ ජේ්‍යෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය ජානක මාරසිංහ සඳහන් කළා. එහෙත් අපගේ ආහාර රටාව අනුව නිසි පෝෂණය ලබාගැනීමේ අවස්ථා ද අහිමි වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

ප්‍රමාණයෙන් විශාල ආහාර වේලකට සාපේක්ෂව, තමන්ට හැකි පරිදි සමබල ආහාර වේලක් සකසා ගැනීම වඩා වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.