Sunday, April 28, 2024

General line - 0115112241

ගිනිඅවි පාලන නීති ඉල්ලා අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා




ගිනි අවි පාලන නීති දැඩිකරන ලෙස ඉල්ලා අමෙරිකාව පුරා විරෝධතා ආරම්භ වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ නගර රැසක පැවැත්වෙන මෙම විරෝධතා සඳහා අමෙරිකානුවන් දස දහස් ගණනක් එක්ව සිටින බවයි. 

අමෙරිකානු වැසියන් මෙලෙස ගිනි අවි භාවිතයට එරෙහිව වීථි බැස සිටින්නේ ගිනිඅවි පාලන නීති දැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද අදාළ පාර්ශව වෙත යෝජනා ගෙනවිත් ඇති පසුබිමක් තුළයි. 

නගර රැසකට එක්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින විරෝධතාකරුවන් අමෙරිකානු සෙනට් මණ්ඩලයට බලකර සිටින්නේ සිය රාජකාරිය නිසි ලෙස ඉටුකරන ලෙසයි. එමගින් අමෙරිකානු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර දෙන ලෙසත් විරෝධතාකරුවන් අමෙරිකාවේ සෙනට් මණ්ඩලයට බල කර සිටිනවා. ගිනි අවි හමුවේ අමරිකානු ජනතාවගේ ජීවිත බේරා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ට බලකර සිටින්නේ. 

අමෙරිකාව තුළ මෙලෙස ගිනි අවි භාවිතයට එරෙහිව විරෝධතා ආරම්භ වී ඇත්තේ රටතුළ ගිනිඅවි භාවිත කර සිදුකරන මිනිස් ඝාතන සිද්ධීන් ඉහළයාම හේතුවෙන්. ඉකුත් දා අමෙරිකාවේ ප්‍රාථමික පාසැලක සිදුවූ වෙඩි තැබීමක් හා රෝහලක සිදුවූ වෙඩි තැබීමක් මෙම විරෝධතාවලට බලපෑ ප්‍රධාන හේතුවක් වුණා.