Saturday, April 27, 2024

General line - 0115112241

යුක්රේනයේ තිබූ අමෙරිකානු - යුරෝපා අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරවලින් විනාශ වෙයි




රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ යුක්රේනයේ පිහිටි විශාල අවි ගබඩාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එලෙස විනාශ වී ඇත්තේ යුක්රේනයේ ටර්නොපිල් ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවක්. රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් හමුවේ එම අවි ගබඩාව විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් සහ යුරෝපයෙන්, යුද ආධාර වශයෙන් යුක්රේනයට ලබාදුන් අවි තොග රැස්කර තිබූ අවි ගබඩාවකට රුසියාව එලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි. 

මේ අතර නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස් සහ කාකිව් යන ප්‍රදේශවල පියාසර කරමින් තිබූ යුක්රේන ප්‍රහාරක ජෙට් යානා 03 ක් වෙඩි තබා බිම හෙළු බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ. 

මේ අතර රුසියාව මේවනවිට යුක්රේනයේ තෝරා ගත් ඉලක්ක වෙත දරුණු ලෙස ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ කළු මුහුදේ ස්ථානගත කර ඇති යුද නෞකා ආධාරයෙන් රුසියාව, යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් බාහිර කලාපවලට ද අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.