Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති පුටින් සහ ජනපති ගෝඨාභය අතර දුරකථන සංවාදයක් : ලංකාවට ඉන්ධන ලබා ගන්න ණයක්‌ ඉල්ලයි




අද දිනයේදී තමන් හා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතර දුරකථන සංවාදයක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

අතීතයේදී රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී සිය ස්තුතිය පළකළ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ණය ක්‍රමයක් ලබා දෙන ලෙසට තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවත්, මේ වන විට අත්හිටුවා ඇති ඒරෝෆ්ලෝට් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන ලෙස ද මෙහිදී රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටින්නේ.

සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළ බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියි.