Sunday, May 5, 2024

General line - 0115112241

09 වනදා උද්ඝෝෂණයට සහය දෙන බවට ජවිපෙන් ප්‍රකාශයක්




ආණ්ඩුවට එරෙහිව ජූලි 09 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන උද්ඝෝෂණයට සිය පක්ෂය සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී සාමකාමීව ක්‍රියාකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. 

සිය පක්ෂයේ සාමාජිකයෙකු යැයි පවසමින් කිසියම් අයෙකු පෙට්‍රල් බෝම්බයක් සකස් කරන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එය ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බවට නිශ්චිත සැකයක් පවතින බවයි.