Saturday, May 4, 2024

General line - 0115112241

පකිස්තානය චීනයෙන් ණය ගැනීඹට අයිඑම්එෆ් හරස්වෙයි




චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝ (CPEC) ව්‍යාපෘති සඳහා චීනයෙන් පාකිස්තාන රුපියල්  බිලියන 7.9ක් ලබා ගැනීමට පාකිස්තානයේ  සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF නිර්දේශ මත රඳා පවතිනු ඇති බව වාර්තාවනවා.

බාහිර රටවල ආධාරයෙන් පාකිස්තානයේ  ආර්ථිකය මෙහෙයවීම තිරසාර නොවන බවත් පාකිස්තානයට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දැඩි ලෙස අවශ්‍යව ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති බව සදහන්.

රට තුළ ක්‍රියාත්මක වන බහුවිධ චීන විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය සඳහා චීනයට  පාකිස්තාන රුපියල් බිලියන 350 කට වඩා වැඩි මුදලක් ගෙවීමට පකිස්ථානය බැඳී සිටිනවා.

මෙහිදී ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය යටතේ වන ගිවිසුම්වල කොන්දේසි වෙනස් කිරීමට පකිස්තානය ඉල්ලීම් කර ඇතත්  චීනය එය ප්‍රතික්ෂේප කර ඇති බව ද සදහන්.

ඒ අනුව අදාළ ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන් සිය නිර්දේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පකිස්තානයට දැනුම් දී තිබෙනවා.

මේ අතර පකිස්තානයේ , අයවැය වියදමෙන් ප්‍රධාන කොටසක් එනම් පාකිස්තාන රුපියල් බිලියන 3,950 (ඇ.ඩො බිලියන 19.5) ක් හෙවත් සමස්ත අයවැය වියදමෙන් 40% කට වඩා ණය සේවා සඳහා වෙන් කර ඇති අතර එය පෙර වසරට වඩා 29.1% වැඩිවීමක් බව සදහන්.