Friday, May 10, 2024

General line - 0115112241

අදානි ඊශ්‍රායලයේ වරායකුත් මිලදී ගනියි




ඊශ්‍රායලයේ මධ්‍යධරණී වෙරළ තීරයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වන හයිෆා වරාය, ඉන්දියාවේ Adani වරාය සමාගම (APSE.NS) සහ එරට දේශීය රසායනික ද්‍රව්‍ය සහ සැපයුම් සමූහයක් වන Gadot වෙත ඇමරිකානු ඩොලර් බිලියන 1.18 කට විකිණීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

දෙවසරක ක්‍රියාවලියකින් පසු Gadot සහ Adani, ඊශ්‍රායලය බලාපොරොත්තු වන පරිදි ආනයන මිල අඩු කිරීමට සහ ඊශ්‍රායල වරායන්හි කුප්‍රකට දිගු රැඳී සිටීමේ කාලය කෙටි කිරීමට කටයුතු කරනු ඇති බවයි ඊශ්‍රායල බලධාරීන් සදහන් කර ඇත්තේ.

හයිෆා වරාය පෞද්ගලීකරණය කිරීම හරහා එරට වරායවල තරඟකාරිත්වය වැඩි කර ජීවන වියදම අඩු වනු ඇති බව ද  ඊශ්‍රායල මුදල් ඇමති අවිග්දෝර් ලයිබර්මන් සදහන් කරනවා.

මෙහිදී Adani  සමාගම හට 70% ක බහුතර කොටස් හිමි වන අතර ඉතිරි 30% Gadot  සමාගම සතු වනු ඇති බවයි වාර්තාවන්නේ.

මේ සම්බන්ධයෙන් Adani සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ මිලදී ගැනීම සදහා වන ටෙන්ඩරය ජයග්‍රහණය කිරීම ගැන සතුටු වන අතර එය ජාතීන් දෙකටම උපායමාර්ගික සහ ඓතිහාසික වශයෙන් වැදගත් වනු ඇති බවයි.