Friday, May 10, 2024

General line - 0115112241

රුසියාවට සහය දෙන සමාගම් පහක් ගැන ඇමරිකාවෙන් හෙළිදරව්වක්




යුක්රේනයේ රුසියානු ආක්‍රමණය හේතුවෙන් එක්සත් ජනපදය සහ තවත් බටහිර රටවල් රැසක් රුසියාවට සහාය දීම තහනම් කර තිබියදීත්, චීන සමාගම් පහක් රුසියානු හමුදාවට අඛණ්ඩ සහාය ලබා දෙන බවට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව චෝදනා කර තිබෙනවා.

යුක්රේන ආක්‍රමණය ආරම්භවීමෙන් පසු රුසියානු හමුදාවට සහාය දක්වන බවට චීනයේ සමාගම් සහ පර්යේෂණ ආයතන කිහිපයකට එක්සත් ජනපදය දිගින් දිගටම චෝදනා කළ බව වොෂින්ටන් පෝස්ට් වාර්තාවක සදහන්.

එම අනතුරු ඇගවීම්වලින් පසුව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව දඩුවමක් ලෙස චීන සමාගම් පහක් වෙළඳ අසාදු ලේඛනයකට එක් කර තිබෙනවා.

මෙම ක්‍රියාව ලොව පුරා විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට ප්‍රබල පණිවිඩයක් බවත් ඕනෑම අයකු රුසියාවට සහාය දීමට උත්සාහ කරන්නේ නම්, එක්සත් ජනපදය ඔවුන්ට ද දැඩි ප්‍රතිචාර දක්වන බවත් එක්සත් ජනපද කර්මාන්ත සහ ආරක්ෂාව පිළිබඳ වාණිජ උපලේකම් ඇලන් එස්ටෙවේස් ප්‍රකාශ කරනවා.

පෙබරවාරියේ සිට එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් රැසක් රුසියාවෙන් සහ යුක්රේනයට එරෙහි යුද්ධයෙන් ඈත් වන ලෙස චීනයට බලපෑම් කරමින් සිටිනවා.