Friday, May 10, 2024

General line - 0115112241

චීනයේ ආර්ථික වර්ධනයත් දුර්වල වෙයි




චීනය ගතවූ වසර දෙකක කාලය තුළ එහි දුර්වලම ආර්ථික වර්ධන වේගය වාර්තා කර තිබෙනවා. මේ වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය 0.4% වාර්ෂික අනුපාතයකින් පමණක්  ප්‍රසාරණය වී ඇති බවයි චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසන්නේ.

ආර්ථික විශ්ලේෂකයන් එම කාර්තුවේ 1% ක වර්ධනයක් පුරෝකථනය කර තිබුණ ද වාර්තා වී ඇත්තේ ඉන් සියයට පනහකටත් අඩු තත්වයක් වීම විශේෂත්වයක්.

කොරෝනා වසංගතයත් සමග රටේ විශාල ප්‍රදේශ වසා දැමීමෙන් පසු 2020 පළමු කාර්තුවේදී චීනයේ ආර්ථිකය සියයට 6.8 කින් පහළ වැටුණා.

2020 වසරේ පළමු කාර්තුවේදී චීනයේ ආර්ථික වර්ධන වේගය 6.8 කින් පහත වැටීම මගින් සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 98 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව, 2020 වර්ෂයේ ආර්ථික වර්ධන වේගය අඩුවීම සැලකෙන්නේ 1976 වසරෙන් පසු චීන ආර්ථිකය පහත වැටුණු පළමු අවස්ථාව ලෙසයි. 

චීනය 1992 වසරේ සිට එරට ආර්ථික දත්ත වාර්තා කිරීම් කාර්තුවකට වරක් බැගින් සිදුකරනවා.