Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ප්ලාස්ටික් තහනමක්




මේ මාසයේ සිට තෝරාගත් තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

තනි භාවිත ප්ලාස්ටික් යනු සාමාන්‍යයෙන් එක් වරක් පමණක් භාවිතා කිරීමෙන් පසු ඉවතලන ප්ලාස්ටික් භාණ්ඩ වන අතර ඒවා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ලක් කළ නොහැකි වීම විශේෂත්වයයි.

අධික ලෙස ප්ලාස්ටික් භාවිතය ලෝකයේ බොහෝ උවදුරුවලට හේතු වී ඇති අතර, ඒ හේතුවෙන් විවිධ රජයන් සහ  ගෝලීය නියාමන ආයතන එය අවම කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා.

සාමාන්‍ය ඒක පුද්ගල ගෝලීය ප්ලාස්ටික් පරිභෝජනය කිලෝග්‍රෑම් 28 ක් වන අතර  සාපේක්ෂව ඉන්දියාවේ ඒක පුද්ගල ප්ලාස්ටික් පරිභෝජනය කිලෝග්‍රෑම් 11 ක් බව සදහන්.

නව තහනම 2022 ජුලි 1 සිට ක්‍රියාත්මක අතර ඒ යටතේ තනි භාවිත ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම, විකිණීම සහ භාවිතය තහනම් කිරීමටයි ඉන්දියාව පියවර ගෙන ඇත්තේ.