Wednesday, May 1, 2024

General line - 0115112241

ලෝක දේශපාලන බිමේදී අමෙරිකාව, චීනය සමඟ යලි ගැටෙයි




තායිවානය පදනම් කර ගනිමින් චීනය සහ අමෙරිකාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් උත්සන්න වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති දුරකථන සංවාදයකින් අනතුරුවයි. 

දෙරටේ නායකයින් දෙපළ අතර පැය 02 කට අධික කාලයක් පැවැති මෙම දුරකථන සංවාදයේදී වැඩි අවධානයක් යොමු කර තිබුණේ තායිවානය සම්බන්ධයෙන්. තායිවානය පිළිබඳ ගනු ලබන ඒකපාර්ශවික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකාව දැඩිව විරුද්ධ බවත්, තායිවානය සම්බන්ධයෙන් වන අමෙරිකානු ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එහිදී අවධාරණය කර තිබෙනවා. 

ඊට ප්‍රතිචාර දක්වමින් චින ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත්තේ “එක චීනයක්” යන ප්‍රතිපත්තියට එකග වන ලෙසයි. “ගින්දර සමග සෙල්ලම් කරන්නා ගින්නෙන්ම පිළිස්සී යනු ඇති” බවත් චීන ජනාධිපති ෂී ජින්පින්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වෙත අනතුරු අගවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තායිවානය සම්බන්ධයෙන් දෙරට අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් උත්සන්න වුණේ අමෙරිකාවේ කථානායක නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කිරීමට සැරසෙන බවට වාර්තා වීමත් සමගයි. චීනය ඊට දැඩිව විරෝධය පළ කළ අතර දිගින් දිගටම අනතුරු ඇගවීම් ද නිකුත් කළා.