Saturday, April 27, 2024

General line - 0115112241

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සටන් විරාමයක්




දින තුනක් පුරා පැවති ගැටුම්වලින් පසු ඊශ්‍රායලය සහ පලස්තින සටන්කාමීන් අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඉකුත් දින තුන තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 44 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතර කුඩා ළමුන් 15 දෙනෙකු සිටින බවද එම වාර්තාවල දැක්වෙනවා. 

සටන් නැවැත්වීම සදහා දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති අතර ඕනෑම ප්‍රචණ්ඩත්වයකට ප්‍රතිචාර දක්වන බවයි දෙපාර්ශවයම ප්‍රකාශ කර ඇත්තේ. 

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ඊශ්‍රායලය ගාසා තීරයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් එම පිරිස මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.