Monday, May 6, 2024

General line - 0115112241

ඩීසල් ලීටර් 18,000කට අධික ප්‍රමාණයක් STF අත්අඩංගුවට

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




බලපත්‍ර නොමැතිව නිතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ ද සහය ලබාගනිමින් අද (10) අලුයම 2.00ට පමණ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර මෙම ඩීසල් තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ලුණු ප්‍රවාහනය සදහා භාවිතා කරනු ලබන විශාල ලොරි රථයකින් හා මාළු ප්‍රවාහනයට භාවිත කරනු ලබන සීතකරණයක් සහිත  ලොරි රථ දෙකක් උපයෝගී කර ගනිමින් ඒ තුල ලීටර් 2000 සහ 1000 ජලය පිරවීමට භාවිත කරනු ලබන ටැංකි තුල මෙම ඩීසල් තොගය ප්‍රවාහනය කරමින් සිට තිබේ.

මෙම ඩීසල් හම්බන්තොට ධීවර වරායෙන් ධීවර යාත්‍රා සදහා ලබාගන්නා ඒවා බවට පොලිසිය සැක කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කිරීම සඳහා හම්බන්තොට මුලස්ථාන පොලිසියට භාර දී තිබේ.