Sunday, May 5, 2024

General line - 0115112241

මහනුවර, කතරගම සහ දෙවුන්දර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ




මෙවර මහනුවර ඇසල මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.35 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරෙනවා. දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී එස් සේනානායක වීදියේ ඔස්සේ ගමන් කරන පෙරහැර රජවීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි. දළදා පෙරහැර සම්බන්ධයෙන් නෙත් නිවුස් ගෙනඑන විශේෂාංගයක් දැන්.

මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් රන්දෝලි මහ පෙරහැර ද අද වීථි සංචාරය කෙරෙනවා. වසර තුනකට පසු මෙවර උත්කර්ශවත් ලෙස පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සම්පාදනය වෙමින් ඇති බවයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර 

දෙවුන්දර උප්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලයේ 765 වැනි රන්දෝලි පෙරහැර ද අද වීථි සංචාරය කෙරෙනවා. පස්වරු 5.7 ට යෙදෙන සුභ මොහොතින් විදි සංචාරය කෙරෙන පෙරහැරට උඩරට පහතරට නැටුම් කණ්ඩායම 37 ක් අලි ඇතුන් 7 දෙනෙකු ද ඇතුළත් බවයි දෙවිනුවර බස්නායක නිලමේ  ආරච්චිගේ තිළිණ මධුසංඛ පැවසුවේ.