Sunday, April 28, 2024

General line - 0115112241

යුද අභ්‍යාස නතර කළත් තායිවානය අසල මුහුදේ චීන ක්‍රියාකාරකම් තවදුරටත්




චීනය විසින් සිදුකළ යුධ අභ්‍යාසය අවසන් කළද තම කලාපයේ චීන හමුදා මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවට තායිවානය චෝදනා කරනවා. 

එරට ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ සිය රට ආශ්‍රිත මුහුදු කලාපයේ චීන නෞකා 10 ක් මේ වන විටත් ස්ථාපිත කර ඇති බවයි. එමෙන්ම චීන හමුදා ගුවන් යානා 36 ක් තවමත් සිය මුහුදු කලාපය ඉහළ අහසේ මෙහෙයුම්වල නිරත වන බවයි තායිවානය පවසන්නේ.

අමෙරිකානු කතානායිකා නැන්සි පෙලොසිගේ ආන්දෝලනාත්මක තායිවාන සංචාරයට විරෝධය පළ කරමින් චීනය එරටට ආසන්න මුහුද කලාපයේ දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කළා. 

චීනය පවසන්නේ සිය යුධ අභ්‍යාසය සාර්ථකව අවසන් කළ බවයි. එහෙත් තායිවාන සමුද්‍ර සංධියේ තවදුරටත් මුර සංචාරයේ යෙදෙන බව චීන හමුදාව නිවේදනය කර තිබෙනවා. ඉකුත් සතියේ ලෝක දේශපාලනය උණුසම් කළ මාතෘකාව වූයේ ද මෙම යුධ අභ්‍යාසයයි.