Saturday, April 27, 2024

General line - 0115112241

වසර 03කට පසු දඹදිව වන්දනා යලි ඇරඹේ




දඹදිව වන්දනා සඳහා මෙරට සැදැහැවතුන්ට යලි අවස්ථාව උදා වී තිබෙනවා. ඒ වසර 03කට පසුවයි. ඒ අනුව, 40ස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට දඹදිව වන්දනා සඳහා යලි එක්විය හැකි බවයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පැවසුවේ. 

එහි මහ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ඔලුව නෙත් නිවුස් වෙත පැවසුවේ පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම සංචාර සංවිධාන කරන බවයි. 

මෙවර මෙම අවසරය ලැබී ඇත්තේ කොන්දේසි කිහිපයක් මත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පැවසුවේ දඹදිව වන්දනාවේ නිරත වීමට අපේක්ෂිත සැදැහැවතුන් සියලුම ලිපි ලේඛණ සමඟ එන්නත් සහතික පිටපතද සමඟ අවසර ලබා ගැනීම සඳහා කල්වේලා ඇතිව ඉදිරිපත් කළ යුතු බවයි.