Sunday, April 28, 2024

General line - 0115112241

පෞද්ගලික ගුවන් යානයකින් හිටපු ජනපති තායිලන්තයට පැමිණෙයි




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර තායිලන්තයට පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පැමිණ ඇත්තේ වෙන් කර ගනු ලැබූ පෞද්ගලික කුලී ගුවන් යානයකින් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

පසුගිය ජුලි මාසයේදී මෙරට ඇතිවූ මහජන කැළඹීමත් සමග හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනට බලා ගිය අතර ඉන් පසුව ජුලි 14 වෙනිදා සිංගප්පුරුවට පැමිණියා. මේ දක්වා දින 28 ක කාලයක් සිංගප්පුරුවේ ගත කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙසේ තායිලන්තයට පැමිණ තිබෙනවා.