Sunday, April 28, 2024

General line - 0115112241

ලෝක අලි දිනය අද - අලි නැතිව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයත් අවධානමක




ලෝක වනඅලි දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම අගෝස්තු 12වන දින ලෝක වනඅලි දිනය ලෙස නම් කර ඇත්තේ ලෝකයේ වනඅලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිවයි. ඒ, 2012 වසරේ සිටයි. “ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාලත්වය හා පාරිසරික වැදගත්කම” මෙවර ලෝක වනඅලි දිනයේ තේමාව වනවා.

වනඅලි යනු, ශ්‍රී ලංකාවටද අතිශය වැදගත් සත්වයෙක්. සංචාරක, සංස්කෘතිකමය සහ වනජීවී යන ක්ෂේත්‍රවලදී එදා සිට අද දක්වාම අලියාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහෙත් මෙරට අලි - මිනිස් ගැටුමටද මෙතෙක් ස්ථීර විසදුමක් ලැබී නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා වනඅලියාගේ අනාගතය කුමක්ද? 

ඒ, ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න. ඔහු කියා සිටියේ වනඅලින්ට සිදු වන තර්ජන හේතුවෙන් මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි. 

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ වනඅලින් ගැවසෙන ඔවුන්ගේ වාසස්ථානවලට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නාදීමට දැඩි තීන්දු තීරණ ගන්නා බවයි.