Thursday, May 2, 2024

General line - 0115112241

පකිස්තානයේ දැවැන්ත විරෝධතාවක සූදානමක්




පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය පී ටී අයි පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බව් විදෙස් මාධ්‍ය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුවුව හොත් ඊට එරෙහිව වීථි බැස විරෝධතාවයේ නිරත වන ලෙසයි පී ටී අයි පක්ෂය එහි ක්‍රියාකාරීන්ගෙන් සහ පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික නිවෙස ඉදිරිපිට ට රැස්වන ලෙස පී ටී අයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ෆාවාඩ් චෞද්‍රි පාක්ෂිකයින්ගෙන් ඉල්ලා ඇතැයි ද සදහන්.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගත හොත් රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බවයි පී ටී අයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පවසන්නේ .

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව මේ වනවිට ත්‍රස්ත විරෝධී පනත යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ ඉස්ලාමාබාද් නුවර පැවැති රැස්වීමක් අතරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකුට සහ අධිකරණයේ මහේස්ත්‍රාත්වරියකට ප්‍රසිද්ධියේ තර්ජන එල්ල කිරිම යටතේයි.