Thursday, May 2, 2024

General line - 0115112241

චීන - තායිවාන - අමෙරිකානු තුන්කොන් සටනට දකුණු කොරියාවත් මැදිවන ලකුණු




අමෙරිකාව හා දකුණු කොරියාව යුද අභයාසයකට සූදානම් වනවා. එය මෙම සතියේදී පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වසර හතරකට පමණ පසුව අමෙරිකාව හා දකුණු කොරියාව අතර පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාසය මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සදහා අමෙරිකාවේ හා දකුණු කොරියාවේ හමුදා සාමාජිකයින් දස දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම අමෙරිකාව හා දකුණු කොරියාව සතු අතිනවීන ප්‍රහාරක ගුවන් යානා, ප්‍රහාරක නෞකා සහ යුද ටැංකි මෙම යුද අභ්‍යාසය සදහා එක් කෙරෙනු ඇති.

කෙසේවෙතත් අමෙරිකාව සහ දකුණු කොරියාව මෙලෙස යුද අභ්‍යාසයක නිරත වීමට පිඹුරුපත් සකසමින් සිටින්නේ චීනයේ සහ උතුරු කොරියාවේ දැඩි විරෝධය මධ්‍යයේයි.

තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාව සිදු කරන අතපෙවීම්වලට එරෙහිව චීනය යුද අභ්‍යාස සිදු කරමින් සිටිනවා. එවන් පසුබිමක් තුළ අමෙරිකාව හා දකුණු කොරියාව මෙම යුද අභ්‍යාසය ආරම්භ කළ හොත් කලාපය තුළ දැඩි අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙනවා.