Friday, April 26, 2024

General line - 0115112241

ජල ගාස්තු ඉහල දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ




සැප්තැම්බර් 01 වනදා සිට ජල ගාස්තු ඉහල නැංවීම පාරිභෝගික කාණ්ඩ 12 යටතේ සිදු කර තිබෙනවා. ඒ අනුව, ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බින්දුවත්, පහත් අතර රුපියල් 12ක්ව පැවති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව රුපියල් ඉහල නංවා ඇත්තේ 20ක් දක්වායි.

ඒකක බින්දුවත් පහත් අතර රුපියල් 50ක්ව පැවති මාසික ගාස්තුව රුපියල් 300ක් දක්වා ඉහල නංවා තිබෙනවා. ඒකක 75ට වැඩි ජල ගාස්තු සඳහා ඒකකයක් පරිහරණ ගාස්තුව මීට පෙර පැවතියේ රුපියල් 140කටයි. නව සංශෝධන යටතේ එම ඒකකයක ගාස්තුව රුපියල් 238ක්.

එම කාණ්ඩය යටතේ රුපියල් 1,600ක්ව පැවති මාසික සේවා ගාස්තුවද සැප්තැම්බර් 01 වනදා සිට රුපියල් 3,500ක් දක්වා ඉහල දමා තිබෙනවා. ජල ගාස්තුව ඉහල දැමීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින්. 

ඕනෑම කාණ්ඩයක මාසික ජල ගාස්තුවට පරිහරණ ගාස්තු සහ මාසික සේවා ගාස්තුවට අමතරව අනෙකුත් ගාස්තු මෙන්ම අදාල බදුද ඇතුලත් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.  

එම ගැසට් නිවේදනය පහතින් :

http://documents.gov.lk/files/egz/2022/8/2294-51_S.pdf