Friday, May 17, 2024

General line - 0115112241

ආසියානු කුසලානය : බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අදයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය සාජාහීදී අද පැවැත්වෙනවා. බී කාණ්ඩයේ තරඟයක් වන මෙම තරඟය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතරයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙම තරඟාවලියේ සහභාගිී වූ පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කින් පරාජය කිරීමට සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරඟාවලියේදී ක්‍රීඩා කරන පළමු තරඟය මෙය වනවා.

ඒ අනුව, බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට පෙරමුණ ගෙන සිටින්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.

මෙම තරගයේ ප්‍රතිපලය ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරියට යාම සඳහා ද බලපෑමක් ඇති කළ හැකි බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.