Wednesday, November 27, 2024

General line - 0115112241

ඉන්දීය හා හොංකොං කණ්ඩායම් අතර තරගය අදයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ, A කාණ්ඩයෙන් තරඟවදින ඉන්දීය හා හොංකොං කණ්ඩායම් අතරයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ පළමු තරඟය ජය ගත් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු දෙකක් ලබා ගනිමින් A  කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා.

ඔවුන් එලෙස පරාජය කළේ පකිස්ථාන කණ්ඩායමයි. හොංකොං කණ්ඩායම, ඉන්දියාව සමග අද ක්‍රීඩා කරන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දෙන පළමු තරගය ලෙසටයි. 

එම තරඟවලියේ තමන් ක්‍රීඩා කළ තරඟ දෙකම ජය ගනිමින් B කාණ්ඩයෙන් තරඟවදින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේවනවිට ප්‍රසාද ලකුණු 04ක් හිමිකර ගෙන සිටිනවා. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම් ඔවුන් අතින් පරාජයට පත් වුණා. B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය හෙට පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟයි.