Thursday, December 5, 2024

General line - 0115112241

පාසැල් වෑන් රථ ධාවනය අවදානමක




ලිහිසි තෙල්, අමතර කොටස් මිල සහ නඩත්තු වියදම් ඉහළ යාම හමුවේ පාසැල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සමස්ථ ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ සිය වෘත්තිය පවත්වාගෙන යාමට රජයෙන් යම් සහනයක් අපේකෂා කරන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ථ ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා.