Thursday, April 25, 2024

General line - 0115112241

කඩදාසි මාෆියාවක් ගැනත් අනාවරණයක්




මුද්‍රණ ද්‍රව්‍යවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව කඩදාසි මාෆියාව බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පවසනවා.

ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු සදහන් කළේ ඇතැම් වෙළදුන් මේ වනවිට රට තුළ පවතින කඩදාසි තොග සඟවමින් කෘතීමව මිල ඉහළ දැමීමක් සිදුකරන බවයි.

කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල හා විඥ්ඥාපන අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්වදා වනිගසූරිය ද නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වුණා.  

 

23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අනිද්දා ආරම්භ වනවා. ඒ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදීයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් සංගමය සංවිධාන කරනු ලබනවා. ඒ සදහා මෙවරද නිල රේඩියෝ අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.