Sunday, May 5, 2024

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණ සහ IMF වැඩසටහන පිළිබද ඉදිරි සැලසුම් ණය හිමියන්ට හෙළි කිරීමට ශ්‍රී ලංකාව සැරසෙයි




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය හිමියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන සිකුරාදා එම සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා ශ්‍රී ලංකා රජය විසින් තෝරාගෙන ඇති මූල්‍ය උපදේශක ආයතනයක් වන ක්ලිෆඩ් චාන්ස් සමාගම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් එය අනාවරණ කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට ණය හිමියන් සමග සම්බන්ධවීමට කටයුතු යොදා ඇති අතර එම අන්තර්ජාල සැසියට සහභාගි වන සියලු පාර්ශවවලට අදහස් දැක්වීමට හැකිවන ආකාරයෙන් එය පැවැත්වීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් අනාවරණ කළේ.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ඉදිරි වසර 4ක කාලයක් වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඩොලර් බිලියන 2 යි දශම 9 ක ණය වැඩසටහනකට එළඹීමට නියමිත බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.