Sunday, May 5, 2024

General line - 0115112241

වැඩි කළ විදුලි බිලට එරෙහිව ලබන පෝදා විහාරස්ථාන අඳුරේ තැබීමට යෝජනාවක්




ආගමික සිද්ධස්ථානවල විදුලිබිල වැඩි කිරීමට එරෙහිව එළඹෙන වප් පුරපසලොස්වක පොහෝදා විහාරස්ථාන අදුරේ තබා විරෝධය පළ කළ යුතු බව මධ්‍යම පළාත් මහා සංඝ සභාව පවසනවා.

එම සංඝ සභාවේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය ගලහ සිරිසාන්ත ස්වාමීන් වහන්සේ.

විදුලිබිල ඉහළ යාම සම්බන්ධයෙන් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ අතර ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සදහා පෝෂණ මළු බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.