Sunday, May 5, 2024

General line - 0115112241

රැජිනට සමුදීමට අවසන් හෝරාවේදීත් දහස් සංඛ්‍යාත පිරිසක් ලන්ඩනයේ විථිවලට




එංගලන්තයේ ලන්ඩන් නුවර වෙස්ට් මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති දෙවන එලිසබෙත් රැජිනගේ දේහය වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

අද උදෑසන වනතුරුත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ එංගලන්ත වැසියන් රැජිනගේ දේහය රැගෙන යන අවස්ථාව දැක බලා ගැනීම සදහා ලන්ඩනයේ වීථිවලට එක්වී සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රජ පවුලේ සාමාජිකයින් රැජිනගේ දේහය පිටුපසින් ගමන් කරන අවස්ථාව දැක බලා ගැනීම සදහාද විශාල පිරිසක් ලන්ඩනයේ වීථිවලට එක්ව සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ලන්ඩනයට පැමිණ සිටින බැවින් එහි ආරක්‍ෂාවද තර කර තිබෙනවා.