Wednesday, November 29, 2023

General line - 0115112241

සීගිරිය බලකොටුවක්ද? විනෝද උද්‍යානයක් ද? මහාචාර්ය සෝමදේවගෙන් පිළිතුරු




සිගිරිය යනු පස්වන ශතවර්ෂයේ ගොඩනගන ලද නාගරික සැලැස්මක් බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

මේවනවිට දැඩි කථබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති සීිගිරිය බලකාටුවක් ද නොඑසේනම් විනෝද උද්‍යානයක් ද යන ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදීයි. 

සීගිරිය බලකොටුවක් බවට ශත වර්ෂයකට අධික කාලයක් පැවැති මතය වෙනස් වුව ද එගින් එහි ලෝක උරුම වටිනාකමට ඉන් කිසිඳු බලපෑමක් නොවන බව ද මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී පෙන්වා දුන්නා. 

මේ අතර මහාචාර්ය රාජ් සෝමදේව විසින් රචිත යක්ෂි කෘතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නෙත් කුටියට පැමිණ මිලදී ගත හැකියි. අද පස්වරු 04 සිට මහාචාර්ය රාජ් සෝමදේවයන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ ස්ථාපිත නෙත් විශේෂ කුටියේ රැඳී සිටිනවා. එම ස්ථානයට පැමිණ කතෘ අත්සන සහතිව යක්ෂි කෘතිය මිලදී ගැනීමට ද අද පස්වරුවේ සිට පාඨකයින් වෙත අවස්ථාව සලසා දී තිබෙනවා.