Wednesday, May 8, 2024

General line - 0115112241

විරෝධතාකරුවන් පිරිසකට මරදානේදී ජල හා කදුළු ගෑස් ප්‍රහාර




සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ පාගමනකට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
 
නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ එම සංගමයේ පිරිස ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය එලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

අරගලයට නව ජවයක් - තරුණ බලය යළි කොළඹට යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය පාගමනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණා.