Thursday, May 2, 2024

General line - 0115112241

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අද තවත් පෙරහුරු තරගයක




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙරහුරු තරඟ අද පැවැත්වෙනවා. ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි. ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පෙරවරු 9යි 30ටයි. 

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තමන් සහභාගී වූ පළමු පෙරහුරු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එම තරගය ජයගනු ලැබුවේ ලකුණු 33කින්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන, ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ ලබන ඉරිදා ආරම්භ වනවා.

මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද පැවැත්වෙනවා. එක් තරගයක් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හා පකිස්ථාන කාන්තා කණ්ඩායම් අතරයි. බංග්ලාදේශයේ සිල්හෙට්හීදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. 

අනෙක් තරගය පැවැත්වෙන්නේ ඉන්දීය හා තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතරයි. එම තරග දෙකෙන් ජයගන්නා කණ්ඩායම් දෙක ලබන 15 වනදා ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තරග වදිනු ඇති.