Saturday, April 27, 2024

General line - 0115112241

තලේබාන් සංවිධානය අයිඑස් දඩයමක




ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයිඑස් ත්‍රස්ත සංවිධානයේ අණදෙන නිලධාරීන් පිරිසක් ඝාතනය කළ බව තලේබාන් සංවිධානය පවසනවා.

 ඒ අනුව තලේබාන් සංවිධානයේ  ආරක්ෂක අංශ නිලධාරීන් පැවසුවේ අයිඑස් සංවිධානයේ අණදෙන නිලධාරීන් සිව්දෙනෙකු ඝාතනය කළ බවයි.

ඒ අතරින් දෙදෙනෙකු එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස කටයුතු කළ ත්‍රස්ත සාමාජිකයින් බව ද තලේබාන්  සංවිධානය සදහන් කළා.

ටකා ප්‍රාන්තය තුළ ඉකුත් 22 වන දා සිදු කළ  මෙහෙයුමකදී  එම ප්‍රදේශයේ සැගව සිටි මෙම අයිඑස් සාමාජිකයින් පිරිස ඝාතනය කළ බව ද ඔවුන් 
පැවසුවා.

කෙසේවෙතත් තලේබාන් පාලනය විසින් පසුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙහෙයුම හමුවේ අයිඑස් සාමාජිකයින් 06 දෙනෙකු මිය ගිය බවයි.

එමෙන්ම තලේබාන් රජය පවසා ඇත්තේ කාබුල් නගරයේ පාසලක් මෙන්ම පල්ලියක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර සදහා වගකිව යුතු පුද්ගලයින් එලෙස ඝාතනය කළ බවයි.