Wednesday, May 8, 2024

General line - 0115112241

කැබිතිගොල්ලෑවේදී පොලිසියට පහරදුන් සිව්දෙනෙකු අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන්




කැබතිගොල්ලෑව රම්බකැටුවාව ප්‍රදේශයේ දී ගම්වාසීන්ගේ පහරකෑමට ලක්ව   පොලිස් සැරයන්වරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 04 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කැබිතිගොල්ලෑව රඹකැටුවාව ප්‍රදේශයට වන අලි පැමිණ තිබෙන බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ගම්වාසීන් පිරිසක් එම නිලධාරීන්ට පොලු මුගුරුවලින් පහර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ.

එහිදී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව  වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරියා 54 හැවිරිදි වියේ පසුවූ අංගම්පොඩි ගේ සුනිල් නැමැති දෙදරු පියෙක්.