Wednesday, May 8, 2024

General line - 0115112241

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රට ගමන් සීමා කෙරේ




පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
 
ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

හදිසි වෛද්‍යමය අවශ්‍යතාවයකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී විදේශගත නොවිය යුතු බවටයි අදාළ යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ.

මේ අතර  2023 මුදල් වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහනට අමාත්‍ය මණ්ඩලයේ එකගතාව පළව තිබෙනවා. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීම මේ මස 14 වනදා සිදුකිරීමට නියමිතයි.
 
අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට 22 වනදා දක්වා දින 07 ක් පැවැත්වෙන අතර කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් මස 08 වනදා දක්ලවා දින 13 ක් පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.
 
ඒ අනුව අයවැය 03 නක වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 08 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.