Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුවහගත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී තීරණයක්




ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුවහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.  
 
ඒ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි.
 
විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් තෝරා ගනු ලබන අයෝජකයන්ට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාරදීම මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුවහගත කිරීම යෝග්‍ය බව රජය විසින් හඳුනාගෙන තිබෙනවා.
 
ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම පවරා ඇති රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ස්ථාපිත කර තිබෙනවා.