Friday, September 20, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් පසු පිරමීඩ මූල්‍ය වංචාකරුවන්ට එරෙහි CID පරීක්ෂණ නව මානයකට




පිරමීඩ පන්නයේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ නව මානයකට යොමුව තිබෙනවා. ඒ, නෙත් FM බැලුම්ගල කළ යෝජනාවකට අනුව වගකිවයුතු සියලූ පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ අනුව මෙරට ක්‍රියාත්මක පිරමීඩ වංචා සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරන ශ්‍රී ලංකා පිරමීඩ විරෝධී බලකායෙන් ඊට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබෙනවා. මේ ඊට සහභාගී වූ එම බලකායේ සාමාජික තරිදු රත්නායක.

මෙරට ක්‍රියාත්මක පිරමීඩ පන්නයේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නෙත් FM බැලුම්ගල වැඩසටහන දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි ඉකුත් දා අධිකරණ අමාත්‍යාංශයේදී ඊට අදාළ සාකච්ඡාව පැවැත්වුණේ. ඒ අනුව පිරමීඩ පන්නයේ මූල්‍ය වංචා වළක්වාලීම සඳහා පවතින නීති දැඩිව බලාත්මක කිරීමටත් නව නීති කඩිනමින් සම්මත කර බලාත්මක කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.