Sunday, May 5, 2024

General line - 0115112241

තැන තැන ඉන්ධන පෝලිම් : හේතුව ඇමති පහදයි




මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් විසින් ඇණවුම් ලබා නොදීම ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. 

එමෙන්ම මෙම සතියේ තුලදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා IOC යන සමාගම්  දෙකටම ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොග ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
 
මහජනතාවට ඉන්ධන නිකුත් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කරන ලෙසතමන් පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.