Sunday, May 5, 2024

General line - 0115112241

පිළියන්දල පිරවුම්හලකින් ජංගම දුරකථන දෙකක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන්




පිළියන්දල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ QR කේතය පරික්ෂා කිරීම සඳහා  යොදා ගන්නා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ඉන්ධන පිරවුම්හලේ කළමණාකරු විසින් පිළියන්දල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදීයි.

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් සහ මූල්‍ය සමාගමක කළමනාකරුවෙක්. සැකකරුවන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග ත්‍රිරෝද රථයකින්  පැමිණ අදාළ සොරකම සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.