Sunday, May 5, 2024

General line - 0115112241

අභිනව අටමස්ථානාධිපති 11 වනදා රාජකාරි අරඹයි

උපුල් තම්මිට




අනුරාධපුර ඓතිහාසික අටමස්ථානයේ 11 වන අටමස්ථානාධිපති ලෙස පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11 වනදා පෙරවරුවේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

ඉකුත් දා රැස්වූ අටමස්ථාන කාරක සභාව විසින් අභිනව අටමස්ථානාධිපතිවරයා ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඒකමතිකව තෝරා ගනු ලැබුවා.

ඒ අනුව ලබන 11 වනදා පෙරවරු 7ට ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ අභියසදී අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජානක බුලන්කුලම විසින් නායක හිමියන් පිළිගනු ලබනවා. ඉන් අනතුරුව උන්වහන්සේ පෙරහැරින් වැඩමවා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී විශේෂ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි.