Sunday, May 5, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහි පැවැත්වූ විරෝධතාවය ගැන ජාතික නිදහස් පෙරමුණේ නොසතුටට




දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ සිදු කළ විරෝධතාවය හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව එක්සත් ක්‍රියාමාර්ගයක් ගැනීමට තිබූ අවස්ථාව දුර්වල වූ බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසේකර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ මෙවැනි උද්ඝෝෂණ හරහා එහි වාසිය හිමිවන්නේද ආණ්ඩුවට බවයි. 

කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අද දැක්වූයේ මෙවන් අදහසක්. 

එම විරෝධතාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයද අද ප්‍රතිචාර දැක්වූවා. මේ, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ එම පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන.