Saturday, January 11, 2025

General line - 0115112241

ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය යළි ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට




ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය යළි හිමිව තිබෙනවා. ඒ, 2022 අප්‍රේල් 01 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීම පිළිබඳ මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය නිල වශයෙන් කළ තහවුරු කිරීම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව,

ආසියානු රග්බි තරඟාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යළි පිළිගන්නා බවයි ආසියානු රග්බි සම්මේලනය පැවසුවේ. 

2022 අප්‍රේල් මස 9වනදා ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූවා. පසුව 2022 මැයි 1වනදා සම්පූර්ණ සාමාජිකත්වය අත්හිටුවීමටයි තීරණය කෙරුණේ.