Saturday, January 11, 2025

General line - 0115112241

වාර්තා තබමින් අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට 




ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මෙය ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී ශ්‍රී ලංකාව ලැබූ විශාලතම ඉනිමක ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක්වුවා.

මීට පෙර ශ්‍රී ලංකා පිල එම වාර්තාව තබා තිබුනේ සිම්බාවේ පිලට එරෙහිවය. ඒ 2004 වර්ෂයේ දී පැවති ටෙස්ට් තරගයකදී ඉනිමකින් සහ ලකුණු 254කින් ජය ගනිමින්.

ශතක 4ක් හෝ ඊට වැඩි ගණනක් ඇති කණ්ඩායමක් සිය ප්‍රතිවාදී පිලේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට ඉඩ නොතැබූ පළමු ටෙස්ට් තරගය ලෙස ද මෙම තරගය වාර්තා පොත් අතරට එක්වූවා.

දඟ පන්දු ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් කඩුලු 50ක් දවා ගත් මෙරට වේගවත්ම පන්දු යවන්නා ලෙස දිල්රුවන් පෙරේරා තබා තිබු වාර්තාව සමා කිරීමට අද සමත් විම විශේෂත්වයක්.

දිල්රුවන් පෙරේරා සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනාම සිය 50 වෙනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුයේ ටෙස්ට් තරග 11ක දීය.