Friday, January 10, 2025

General line - 0115112241

පෙර පුහුණු තරඟයෙන් බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා පිලට අමිහිරි පරාජයක්




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පලමු තරඟයෙන් බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකිවූයේ ලකුණු 263ක් පමණයි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බංග්ලාදේශය කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

බංග්ලාදේශ ඉනිමේ මුල් පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක රැස් කිරීම විශේෂත්වයක්. 
මෙම තරඟයේ පන්දුවට පහර දෙමින් සිටි කුසල් ජනිත් පෙරේරා උරහිසේ ආබාධයකට ලක්වුණා.

ක්‍රීඩා ආරංචි මාර්ග පැවසුවේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි. මීට පෙරද ඔහුට සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටිය අහිමිව තිබුණේ මෙම උරහිසේ ආබාධය හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධ තත්ත්වය හා ලෝක කුසලානයට ඔහුගේ දායකත්වය සලකා මීලග පුහුණු තරඟයට කුසල් ක්‍රීඩා කරනවාද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති. 


ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරඟය ලබන අඟහරුවාදා ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතයි. 


මේ අතර, පකිස්තානය සමඟ පැවති පෙර පුහුණු තරඟයෙන් නවසීලන්තය විශිෂ්ට ජයක් වාර්තා කලා. පකිස්තානය රැස් කල ලකුණු 345, නවසීලන්තය පසුකර ගියේ කඩුලු 05ක් පමණක් දැවී තිබියදීයි.