Friday, January 10, 2025

General line - 0115112241

කුසල් ජනිත් සහ තීක්‍ෂණගේ ආබාධ තත්ත්වයන් ගැන විශේෂ අනාවරණයක්




බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයේදී දකුණු උරහිසෙහි  ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත්  පෙරේරාගේ ආබාධ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

ආබාධ තත්ත්වයෙන් පසුව කුසල් ජනිත් පෙරේරා පසුගියදා  වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බවයි. ඒ අනුව ජනිත් පෙරේරාට මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතියි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

පසුගිය 29 වැනිදා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ දීයි කුසල්  ජනිත්  පෙරේරා මෙලෙස ආබාධයකට ලක් වුණේ.


කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිත පුහුණු තරගයේදී කුසල් ජනිත් පෙරේරා විවේක ගැන්වීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි සදහන් කළා. එමෙන්ම ආබාධයකට ලක්ව සිටින  ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණද යළි කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබෙනවා.  

ඒ අනුව ලබන 4 වනදා සිට ඔහු සිය පුහුණුවීම් කටයුතුද ආරම්භ කරනු ඇති.


මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරග දෙකක් අද පැවැත්වෙනවා. බංග්ලාදේශ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සමග එක් තරගයක් පැවැත්වෙන අතර අනෙක් තරගය නවසීලන්ත  කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.