Friday, January 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දිනාගත් ඓතිහාසික පදක්කම ඉන්දියාවට දුන්නේ ඇයි




චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර හාරසීය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෙන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්ෂණික කමිටුව තීරණය  කර තිබෙනවා.

අරුණ දර්ශන සහ නදීෂා රාමනායක අතර සිදුවූ පළමු යෂ්ටි හුවමාරුව අතරතුර, අරුණ දර්ශන ධාවනයේ යෙදුන මංතීරුවට ඇතුලතින් පිහිටි මංතීරුවේ ඔහුගේ පාදය ස්පර්ෂ වීම හේතුවෙන් මංතීරු නීති උල්ලංඝනය වීම සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් මංතීරු නීති උල්ලංඝණය කරමින් ධාවනයේ යෙදුණු බවටයි තාක්ෂණික කමිටුව තහවුරු කරගෙන ඇත්තේ.

එම පදක්කම හිමිවූයේ නම් එය වසර 17 පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් ඉසව්වකින් දිනාගත් පළමු පදක්කම වනවා.

ඒ අනුව එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා සිටි ඉන්දියාවට රිදී පදක්කම ද, සිවුවැනි ස්ථානයට පත්වූ කසකස්තානයට ලෝකඩ පදක්කම ද හිමිවනවා.

එම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ බහරේනයයි.