Friday, January 10, 2025

General line - 0115112241

දෙවන පුහුණු තරඟයෙනුත් ලංකාවට අමිහිරි පරාජයක්




ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ ඊයේ පැවති දෙවන පෙර පුහුණු තරඟයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.

ඒ, කඬුලු 6 කින්ත තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46 යි පන්දු 2 කදී සියලු දෙනා දැවී ලකුණු 294 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 158 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිස ඇෆ්ගනිස්තාන ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩග්වත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 42 කදී ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 257 ක්.

එම ඉලක්කය පන්දුවාර 38 යි එක් පන්දුවකදී අවසන් කළ ඇෆ්ගනිස්තානය කඬුලු 6 කින් තරඟය ජය ගත්තා. රහමනුල්ලා ගුරුබාස් ලකුණු 119 ක් සහ රහමට් ෂා ලකුණු 93 ක් රැස් කළා. 

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා පිළ සහභාගීවූ පෙර පුහුණු තරඟ දෙකෙන්ම ඔවුන් පනරාජයට පත් වුණා.

ඒ බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේයි.

ඉකුත් ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පිළ මෙම කණ්ඩායම් දෙකම පරාජයට පත් කළා.
ලොවක් බලා සිටින එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය හෙට ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.