Friday, January 10, 2025

General line - 0115112241

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු ජය පකිස්ථානයට




ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය පලමු ජය වාර්තා කිරීමට පකිස්ථානය ඊයේ සමත් වුණා. ඒ, නෙදර්ලන්තයට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය තීරණය කලේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව පිටියට පිවිසි පකිස්ථාන පිතිකරුවන් පන්දුවාර 49ක් තුල සියලු දෙනා ලකුණු 286ක් රැස් කලා.

ලකුණු 287ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  නෙදර්ලන්තය පන්දුවාර 41ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 205 ක් පමණයි.

වික්‍රම ජිත් සිං ලකුණු 52ක් සහ බස් ඩි ලීඩ් ලකුණු 67ක් රැස් කරමින් නෙදර්ලන්තයට ජයග්‍රහණය පිලිබද බලාපොරොත්තුවක් එක් කලද ඔවුන් දැවී යාමෙන් පසු එම බලාපොරොත්තු බිදී ගියා. හැරිස් රවුෆ් කඩුලු තුනක් සහ හසන් අලී කඩුලු දෙකක් දවා ගත්තා.


මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිවයි. එමෙන්ම ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතර තරගය ද අද පැවැත්වෙනවා.